..මියුරු රටා..
Oct 27, 2012
-බබර තුඩක පහස පිපුනු මල් පතාවී-
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිලිගමු අපි නැවුම් ආදරේ...//
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී..
බබර තුඩක පහස පිපුනු මල් පතාවී
වෙරළ වැලද සයුර පවස ගිම් නිවාවී..//
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී...
නෙතට නුහුරු කදුල නෙතුපියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබෙන් හමාවී...//
සද ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඩ අරුත ආදරේ කියාවී
-සුනිල් එදිරිසිංහ-
Oct 14, 2012
උන්මාද වූ......
රෝහණ වීරසිංහ නැමති සොදුරු සංගීත නිර්මාතෘ විසින් තනු සකසනු ලැබූ මෙම ගීතය අප හදවත් තුල නොමැකෙන සිහිවටනයකි......
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යව්වනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ....//
රළ පෙළ කැලබේ හසගන විලසේ
සවනට සුදු මුදු පහස ලැබේ දෝ..//
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදින ගනී දෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා...
කිදූරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී
සයුරු තෙරින් සැගවී ආවාදෝ...//
චන්ද්‍ර මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ....
සංසාරයේ සුභ ප්‍රාර්ථනා....
කමල් අද්දරාරච්චී / දමයන්ති ජයසූරිය
-අරගෙන අහන්න-
Oct 12, 2012
ඇයි කදුලු බිංදු
ඇයි කදුලු බිංදු මනමාලිගේ
මල්පොකුරේ රෝස කම්බුලේ
අද විතරක් වත් හිනාවෙන්න
කුසුම් නංගියේ....//
තටු කැඩී අතීතය හඩාවී
මගේ පුංචි පාලු කැදැල්ලේ...//
එත් හීනෙන්වත් නුබට දුකක් වෙන්න එපා
රත්තරං නගේ....
තනා හිතගිය තැන මාලිගාව
නිදාගන්න සිරියහන් ගැබේ...//
මම කරුනාවයි නෑ තරහක්
ජාති ජාති වත් මගේ හිතේ.....
-කරුණාරත්න දිවුල්ගනේ-
අරගෙන අහන්න
Oct 6, 2012
සිතුම් පොබ කල සමන් මල් යායේ...
සිතුම් පොබ කල සමන් මල් යායේ...
දුහුල් සලු තිර මුවා කල යාමේ....
ඔහුට හැදූ සිත තුරුල ආදා
මා රිදවන්න එපා.......
සුසුදු සුදු මුදු සිහින යහනාවේ....
සුසුම් වියකෙයි සිහින මායාවේ....
පව් පිර වූ පෙම අපේ සොදුරු දා
ඉකිබිද හඩනු එපා...
බොලද මගේ සිත ඔබ හැර ගිය දවසේ....
සලෙල සිතක් ලග තනිවූයෙමි අදුරේ...//
ඔබ සිහිවී මා හැඩූ තරම්
කුමරුන් නෑ දන්නේ.....
සුසුදු සුදු මුදු සිහින යහනාවේ....
සුසුම් වියකෙයි මිලින මායාවේ....
පව් පිර වූ සිත අපේ සොදුරු දා
ඉකිබිද හඩනු එපා...
අහිමි ආදරේ කදුලින් මියෙනේ පැයේ...
පෙරදා හැඩුවා මල් මුවරද පවනේ...//
නිදි දැහැනින් මා හැඩූ තරම්
කුමරිය නෑ දන්නේ...
සිතුම් පොබ කල සමන් මල් යායේ...
දුහුල් සලු තිර මුවා කල යාමේ....
ඔහුට හැදූ සිත තුරුල ආදා
මා රිදවන්න එපා.......
චරිතා ප්‍රියදර්ශනී / ප්‍රියන්ත රත්නායක
අරගෙන අහන්න
Subscribe to:
Posts (Atom)